පැරණි චීන ශිෂ්ටාචාරය යනු ලෝකයේ ඉතා වැදගත් ශිෂ්ටාචාරයකි.. එයට ප්‍රධානත ම හේතුවක් ලෙස ඔවුන් සොයාගත් නිර්මාන පෙන්වා දිය හැක. එමෙන් ම ඒ නිර්මාන අතරින් වර්තමානයට ද ඉතා වැදගත් වන නිමාණ ද ඇත. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට හිතුවේ පැරණි චීන ශිෂ්ටාචාර යුගය නිසා මෙලොවට දායාද වුණු නව සොයාගැනීම් 20ක් ගැනයි. ඒ අතරින් විභාග ක්‍රමය, මුද්‍රණ ක්‍රමය, වෙඩි බෙහෙත්, මාලිමාව ආදිය ප්‍රධාන වෙනවා.
01. කඩදාසි
ඔබ මෙය මීට පෙරත් දැන සිටින්නට ඇත.. ලෝකයේ පලමුවරට කඩදාසි නිපදවූයේ චීනයයි. මෙය සිදුවුණේ ක්‍රිස්තු වර්ෂ 50 - 121 කාලයේදී ය. එමෙන් ම මෙම කඩදාසි නිපදවූ බවට සැලකෙන්නේ කායි ලුන් නම් චීන ජාතිකයෙකි.. මෙම කඩදාසි සෑදීමේ තාක්ෂණය නිසාවෙන් ඔවුන් බොහෝ කටයුතු කඩදාසි භාවිතයෙන් කිරීමට යොමු වූ අතර එතෙක් වාචිකව පැවති විභාග ක්‍රමය ලිඛිත විභාගයක් පැවැත්වීම දක්වා විපරිණාමය විය..
02. චංචල ආකාරයේ මුද්‍රන ශිල්පය (Movable Type Printing)
මෙම මුද්‍රන ශිල්පය සොයාගැනීමට පෙර ටැං රාජවංශ සමයේ දී ලී බ්ලොක් භාවිතයෙන් මුද්‍රනය කිරීමක් චීනයේ සිදුවී ඇත. . එහි දී සිදුකෙරුණේ ලී තහඩුවක නියනක් හෝ ඊට සමාන ආයුධයක් භාවිතයෙන් අකුරු කොටා ඒ තහඩුවේ අකුරු මත තීන යොදා කඩදාසියකින් තැබීක්මයි. මෙම ක්‍රමය ඉතා මිල අධික ක්‍රමයක් වූ අතර කාලයද බොහෝ සේ වැයවුණි.. නමුත් ඊට කාලයකට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 990 - 1051 කාලයේ තිබූ සොන්ගෝ රාජවංශ සමයේ දී බී ශෙන්ග් නම් චීන ජාතිකයා විසින් චංචල ආකාරයේ මුද්‍රණ ශිල්පයක් සොයාගන්නා ලදී. එහිදී සිදුවන්නේ මැටි භාවිතයෙන් අකුරු සාදා ඒවා ගින්නෙන් සවි කරගෙන යකඩ තහඩුවක අලවා එම යකඩ තහඩුවට තීනත දමා කඩදාසිකයක තැබීමයි. මෙම ක්‍රමය පෙර ක්‍රමයට වඩා ලාභදායී වූ අතර කාලයත් ශ්‍රමයත් ඉතිරි විය. එමෙන් ම මෙය යුරෝපය පුරා ඉතා ශීඝ්‍ර වශයෙන් පැතිරුණු අතර පුනරුද යුගයේ දී ජොහැන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය නිපදවූයේ ද මෙම ශිල්පය ඔස්සේ වැඩිදියුණු කරමිනි.
03. වෙඩි බෙහෙත් (Gun Powder)
මෙම වෙඩිබෙහෙත් සොයාගනු ලැබුවේ ඇල්කෙමිස්ට් නම් චීන ජනතාවක් එකතු වීමෙනි. එමෙන් ම මෙම සොයාගැනීම සිදුකරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1000 දී පමණ ඈත අතීතයේ දී ය. ඇත්තවශයෙන් ම මෙම වෙහිබෙහෙත් සොයාගැනීම අහඹුවකි. මෙම ජන කොට්ටාශය සොයාගැනීමට උතසාහ කළේ අමරණීය වීම සඳහා වන ඖෂධයකි. ඒ සඳහා ඔවුන් සල්ෆර්, චාකෝල් හා අගුරු මිශ්‍ර කිරීමෙන් මෙය නිපදවා ගත් හ. නමුත් පසුව මෙය ඖෂධයක් නොවන බව චීන ජනයා විසින් තේරුම්ගන්නා ලදී. ඒ අතරම මෙහි ඇති ගිනිගන්නා සුළු බව තේරුම්ගත් චීන ජනයා පසුව මෙය විවිධ වර්ගයේ තුවක්කු සෑදීමටත් රතිඤ්ඤා සෑදීමටත් යොදාගත් හ. එමෙන් ම මෙසමයෙහි දී මෙම වෙඩි බෙහෙත් වර්ගය ලොව පුරා විශාල වශයෙන් පැතිරෙන්නට වූ අතර යුරෝපීය ජනයා මෙය කාලතුවක්කු සෑදීමටත් යොදාගන්නා ලදී. එමෙන් ම වැදගත් ම කාරණය නම් ක්‍රි.ව 1800 වන තෙක් ම ලෝකයා භාවිත කරන ලද්දේ මෙම වෙඩිබෙහෙත් වීමයි.
04. මාලිමාව ( Compass )
මාලිමාව යනු දිශාව පෙන්වන උපකරණයකි. මෙම එකළ නාවික උපකරණයක් ලෙස භාවිතා වූ අතර මෙය චීනයෙන් නිෂ්පාදනය කළේ ක්‍රි.පූ 2වන සියවසත් ක්‍රි.ව පලමු සියවසත් අතර යැයි සැලකේ. එමෙන් ම මෙය මුල්කාලයේ ඉතා සරල උපකරණයක් වූ අතර මෙය සෑදීමේ තාක්ෂණය අරාබිවරුන් චීන ජනයාගෙන් ඉගෙනගෙන යුරෝපයට එම තාක්ෂණය ලබාදෙන්නට විය. පසුව යුරෝපීයයන් විසින් මෙය තවත් වැඩිදියුණු කොට වර්තමාන මාලිමාව දක්වා ම ගෙන එන ලදී.
05. මද්‍යසාර (Alcohol)
ඔබ මීට පෙර සිතන්නට ඇත්තේ මුලින් ම මද්‍යසාර පානය කළේ කවුරුන් කියාද? බොහෝ දුරට අරාබි ජාතිකයන් යැයි කියනු ඇත. එහෙත් 2013 දී චීනයේ හෙනාන් ප්‍රදේශයේ කරන ලද කැණීමකින් මද්‍යසාර ගබඩා කළා යැයි සැලකෙන භාජනයක් සොයාගෙන ඇති අතර කාබන් පරීක්ෂනයෙන් එය මීට අවුරුදු 9000 කට පමන පෙර පරිහරණය කරන ලද්දක් බව කියැවේ. එවිට බැලූ විට අරාබිවරුන් මද්‍යසාර පරිහරණය කළා යැයි සැලකෙන්නේ මීට වසර 1000 කර පෙර පමණි. එවිට මුලින් ම මද්‍යසාර භාවිත කර ඇත්තේ චීන ජාතිකයින් බව ඔප්පු වේ. එමෙන් ම එම භාජනයේ සිදුකරන ලද සියුම් පරීක්ෂණයෙන් එහි මද්‍යසාර අංශු තිබූ බව ඔප්පු වී ඇත. එම නිසා අවසාන නිගමනය වනුයේ මද්‍යසාර සොයාගත්තේ ද චීන ජාතිකයින් බවයි.06. යාන්ත්‍රික ඔරලෝසුව (Mechanical Clock)
ලෝකයේ පළමු යාන්ත්‍රික ඔරලෝසුව නිපදවා ඇත්තේ ද යී ෂින්ග් නම් චීන ජාතික බෞද්ධ භික්ෂුවක් විසිනි. මෙය ඉතා සරල ආකාරයේ ඔරලෝසුවක් වන අතර ජලය හා දැති රෝද උපයෝගී කොටගනිමින් පැය 24ක් සෑදෙන ආකාරයට ක්‍රි.ව. 725 දී පමණ තනවන ලද්දකි. පසුව ඊට වසර 100කට පසු සූ සොන්ග් නම් පුද්ගලයෙන් මෙම ඔරලෝසුව තවත් වැඩිදියුණු කරමින් නිපදවා ඇති නමුත් අද අවතින ඔරලෝසුව නම් යුරෝපීය ජාතීන් විසින් මෙම මූලධර්මය ඔස්සේ යමින් තනවන ලද්දකි.
07. තේ පානය (Tea Drink)
චීනයේ පැරණි පුරාවෘත්තයන්වලට අනුව තේ පළමුවෙන් ම සොයාගත්තේ චීනයේ කෘෂිකර්මයේ පියා වන ශේනෝන්ග් විසිණැයි සැලකේ. ඒ ක්‍රි.පූ. 2737 දී යැයි සැලකේ. එමෙන් ම ටෑං රාජවංශ යුගයේ දී (ක්‍රි.ව 618 - 907) තේ පානය චීනයේ ජනප්‍රියත ම පානය වූ අතරම එය ඕනෑම සමාජ පනතියක අයෙකුට රසවිදිය හැකි වී තිබිණ. එය සඳහන් වන්නේ ලූ යූ විසින් ලියා ඇතැයි සැලකෙන ටෑං රාජවංශය පිලිබඳ පොතෙහි ය. එමෙන් ම තේ පානය චීනයෙන් සොයාගත්තා යැයි සැලකීමට මෙම පොත හා පුරාවෘත්ත පමනක් නොව තවත් එක සාක්ෂ්‍යයක් ඇත. එනම් චීනයේ ලින්ග් චෑන්ග් ප්‍රාන්තයේ අදටත් පවතින වසර 3200කට වඩා පැරණි ලෝකයේ පැරණිම තේ ගසයි.
08. සේද රෙදි (Silk Clothes)
සේද රෙදි යනු ලෝකයේ පැරණිම රෙදි වර්ගවලින් එකකි. එමෙන් ම මෙම රෙදි වර්ගය මීට වසර 6000කට පෙර චීන ජාතිකයන් විසින් නිපදවා පරිහරණය කරන ලද්දකි. එමෙන් ම මේ පිළිබඳ පැරණිතම සාක්ෂිය වන්නේ චිනයේ ෂියාෂියන් ප්‍රාන්තයේ යැන්ග්ෂෝ සංස්කෘතික අඩවියෙන් සොයාගන්නා ලද සේද රෙදි කැබැල්ලයි. එමෙන් ම මෙම සේද රෙදි වීවීමේ කලාව මුල් කල ඉතා ප්‍රාථමික මට්ටමෙන් පැවතුණ ද පසුකාලයේ එනම් ක්‍රි.පූ. 4000 - 3000 අතර කාලයේ වඩාත් දියුණු වූ බව සැලකේ. එමෙන් ම මෙම සේද රෙදි බටහිර ජාතීන් අතර එකළ ඉතා ජනප්‍රිය වූ නමුත් මෙය සෑදීමේ ක්‍රමය කිසිවිටකත් චිනය විසින් බටහිර ජාතීන් හර එළිදරවු කර නැත. එම නිසා බටහිර වැසියන් හට මෙම සේද රෙදිවල බරට සරිලන ලෙස රත්‍රන් ගෙවා මේවා චීනයෙන් ලබාගැනීමට සිදුවී ඇත. සේද රෙදි එකළ කෙතරම් වැදගත් භාණ්ඩයක් වී දැයි එයින් ම පැහැදිළි වේ. එමෙන් ම මෙම සේද රෙදි හා තවත් චීන නිෂ්පාදනයන් යුරෝපයට වෙළදාම් කිරීම සඳහා වෙනම ගොඩබිම් වෙළඳ මාර්ගයක් ද පිහිටවූ අතර සේද මාවත ලෙස හදුන්වා ඇත්තේ මෙයයි.
09. කුඩය (Umbrella)
ලෝකයේ පළමු වරට කුඩය නිපදවා ඇත්තේත් චීනයේයි. ඒ මීට අවුරුදු 1700කට පමණ පෙර බව ඇතැම් පුරාවෘත්තවල සඳහන් වෙයි.. ඒ වගේම මෙම පළමු කුඩය නිපදවා ඇත්තේ ලූ බාන් නම් චීන ජාතිකයකු විසින් බව සැලකේ. ඔහු වඩු කාර්මිකයකු බව ද දැක්වෙන අතර ම මෙම පලමු කුඩය සාදා ඇත්තේත් ලී රාමුවක් සකසා එයට සේද රෙද්දක් ඇලවීමෙන් බවත් සඳහන් වෙනවා.
10. කටු චිකිත්සාව ( Acupuncture)
චීනයේ පැරණිම වෛද්‍ය ග්‍රන්ථය වන " නෙයිජින්ග්" ග්‍රන්ථයෙහි දැක්වෙන ආකාරයට මෙම කටු චිකිත්සාව සම්බාහන ක්‍රමයක් ලෙස විශාල වශයෙන් චීනය තුළ භාවිත වූ බව සඳහන් වෙනවා. එමෙන් ම ක්‍රි. පූ. 200 යුගයේ චීනයේ විසූ ලියූ ශෙන්ග් නම් අධිරාජ්‍යයාගේ සොහොන අසල කැණීමක දී මෙම කටු චිකිත්සාව සඳහා යොදාගත් ඉදිකටු හමුවී ඇත. එමගින් එළබී ඇති නිගමනය නම් අදටත් බොහෝ රෝග සුව කරවන වන මේ මහගු දායාදය මීට වසර 2000 පමන සිට පැවත එන්නක් වන බවයි.
11. යකඩ නිස්සාරණය (Iron smelting)
ලෝකයේ මුලින් ම යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ද චීනයයි. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව චීනයේ යකඩ නිස්සාරණ තාක්ෂණය ක්‍රි.පූ. 5වන සියවසේ ෂෞ රාජවංශ යුගය දක්වාම දිව යන්නක්. එමෙන් ම එකල ලෝකයේ යකඩ නිස්සාරන ඒකාධිකාරය දැරුවේත් චීනයයි.
12. පෝසිලේන් (Porcelain)
පොසිලේන් යනු චීන ශිෂ්ටාචාරයෙන් ලොවට දායාද වුණු වැදගත් ම දේවල්වලින් එකකි. මැටි අනා ඉතා ප්‍රාථමික මට්ටමින් කරගෙන ගිය කුඹල් කර්මාන්තය දියුණු තත්තවයකට පත්වන්නට මෙම පොසිලේන් ඉතා වැදගත් සාධකයක් විය. චීනයේ ටෑං රාජසමයේ ( ක්‍රි. ව 618 - 960), ෂෑං රාජසමයේ ( ක්‍රි.පූ 1600 - 1046 ) හා සෝන්ග් රාජසමයේ ( ක්‍රි. ව. 960 - 1279) යන රාජසමයන්වල දී භාවිතා වුණු පෝසිලේන් ආලේපිත මැටි බදුන්වල නෂ්ටාවශේෂ කැණීමවලින් සොයගෙන ඇත. එයින් එළඹිය හැකි නිගමනයක් වන්නේ මෙම පොසිලේන් කර්මානතය ඉතා ඈත යුගයක සිට පැවත එන්නක් බවයි.
එමෙන් ම එකල මෙම පොසිලේන් ඉතා ඉහළ මිලකින් යුක්ත වී ඇත. තව ද චීනයෙන් සේද මාවත හරහා යුරෝපයට අලෙවි කල වටිනා භාණ්ඩ අතර පෝසිලේන් භාජන ද විය. එකල යුරෝපීයයන් මෙම පෝසිලේන් ඔවුන්ගේ කලා නිර්මාණ සඳහා යොදාගෙන ඇත.
13. භූ කම්පනමානය (Earthquake Detector)
ලෝකයේ ප්‍රථම වරට භූ කම්පනමානය නිපදවූයේ ද චීනයයි. පැරණි හැන් රාජවංශයේ සටහන් අනුව එකල සිටි අද්විතීය නිර්මාණකරුවකු වූ සෑන්ග් හෙන්ග් (ක්‍රි.ව. 78 - 140) විසින් ක්‍රි.ව. 132 දී පමණ භූ කම්පනයක දිශාව සොයාගත හැකි පරිදි භූ කම්පනමානයක් නිපදවූ බව සඳහන් වේ. එමෙන් ම එම උපකරණයෙන් එතැන් සිට කිලෝමීටර 1000 ක පමණ දුරින් තිබූ භූමිකම්පාවක වුව ද දිශාව හදුනාගැනීමට හැකි විණැයි සැලකේ. පසුව මෙම භූ කම්පනමානය තවත් වැඩිදියුණු කොට 1848 දී යුරෝපීය ජාතිකයකු විසින් නවීන භූ කම්පනමානයක් නිපදවන ලදී.
14. රොකටය (Rocket)
චීනය රොකටයේ මහගෙදර වෙයි. ලෝකයේ පළමුවරට රොකටයක් උඩුගත කලේ චීන ජාතිකයන් විසිනි. නමුත් මෙය සම්පූර්ණයෙන් ම රොකටයක් නොවේ. වෙඩි බෙහෙත්වලින් සාදන ලද වර්හමානයේ අහස්කූරුවලට සමාන උපකරණයක් මොවුන් විසින් උඩුගත කරන ලදී. ඒ ක්‍රි.ව. 228 දී පමණයි. පසුව සෝන්ග් රාජවංශ යුගයේ දී (ක්‍රි.ව. 960 - 1279 ) මෙම සිද්ධාන්තය තවත් වැඩිදියුණු කරමින් රොකට සාදා ඇතැයි සඳහන් වේ. මොවුන් මේවා ඔවුන්ගේ යුධ කටයුතු සඳහා ද භාවිත කරන්නට ඇතැයි සැලකේ.
15. ලෝකඩ (Bronze)
ලෝකයට ලෝකඩ හදුන්වා දුන්නේ ද චීනයයි. ඔවුන්ගේ මෙම ලෝකඩ සෑදීමේ තාක්ෂණය ක්‍රි.පූ 1700 යුගය දක්වා ඈත අතීතයට දිව යන්නකි. පසුව එනම් ෂෑන්ග් රාජවංශයේ (ක්‍රි.පූ. 1600 - 1046) සහ ෂෞ රාජවංශ (ක්‍රි.පූ. 1046 - 256) යන යුගයන්වල දී මෙම ලෝකඩ මගින් විවිධ භාජන තනා ඇති අතර චීනයේ ලෝකඩ කලාවේ පිබිදීමේ උච්චතම අවස්ථාව මෙම රාජවංශ යුගයන්වල දී සිදුවිණැයි සැලකේ. එමෙන් ම මොවුන් මෙම ලෝකඩ ප්‍රධාන වශයෙන් යුධ ආයුධ, ජලය රඳවා ගන්නා භාජන ආදිය තැනවීමට යොදාගත්තා යැයි සැලකේ.
16. සරුංගලය (Kite)
සරුංගල් යැවීම අද ලෝකයේ ඉතාමත් ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. ලෝකයේ විවිධ රටවල්වල සරුංගල් සැණකෙළී ද පවත්වයි. ඉතින් මේ සරුංගලය ලෝකෙයට ලැබුණේත් චීනයෙන් කියා ඔබ දැනගෙන සිටියාද? චීනයේ ආදි ජනයාගේ සරුංගල් සෑදීමේ ඉතිහාසය මීට අවුරුදු 3000ක් දක්වා දිව යන්නකි. ඔවුන් එකල සාදා ඇත්තේ සම්පූර්ණයෙන් ම ලීයෙන් නිම කරන ලද සරුංගලයකි. වර්තමානයේ මෙය විනෝද භාණ්ඩයක් ලෙස භාවිතා වුව ද එකල මෙය ඒ සඳහා භාවිත වූවක් නොවේ. එකළ මෙය ලියුම් සැවීමට, සුළගේ වේගය ගණනය කිරීමට, ආදී දෑ සඳහා භාවිත වූවා යැයි සැලකේ.
17. නගුල (Seed Drill)
නගුල යනු කුඹුරක පස් බුරුල් කිරීම සඳහා භාවිත කරන උපකරණයකි. මෙම නගුල ද මුලින්ම නිපදවා භාවිත කර ඇත්තේ ද චීනයයි. ඒ මීට වසර 3500කට පමණ පෙරයි. එකළ මෙම උපකරණය නිසාවෙන් ඔවුන්ගේ ගොවිතැන වඩා කාරයක්ෂම කරගැනීමට හැකි වී ඇත.
18. පේළි බෝග වගාව ( Row Corp Farming)
ලෝකයට පේළි වශයෙන් බෝග වගා කිරීමේ ක්‍රමය හදුන්වා දුන්නේ ද චීනයයි. එය හදුන්වා දීමට පෙර පැවතුණේ තැන තැන බෝග වගා කිරීමකි. එම ක්‍රමය මගින් අස්වනු අපතේ යන බව තේරුම්ගත් චීන ගොවීන්හු ක්‍රි.පූ 6 වන සියවසේ දී පමණ පේළි වශයෙන් බෝග වගා කිරීමට යොමු වූහ. මේ ක්‍රමය මගින් ලබාගත හැකි අස්වැන්න වැඩි වූ අතර අස්වනු හානිය ද අවම විය. එමෙන් ම බටහිර ලෝකය මෙම ක්‍රමය අනුගමනය කිරීමට යොමුවූයේ මීට අවුරුදු 2200කට පෙරයි.
19. දත් බුරුසුව (Tooth Brush)
ලෝකයට දත් බුරුසුව හදුන්වා දුන්නේ ද චීනයයි. ඒ ක්‍රි.ව 1498 දී පමණ වේ. එකල මෙය නිපදවා ඇත්තේ උණ බට වලින් තනාගත් කෙදි විශේෂයකිනි. පසුව මෙම ක්‍රමය වැඩිදියුණු කිරීමෙන් නවීන දත් බුරුසුවක් යුරෝපීයයන් විසින් නිපදවන ලදී.
20. මුදල් නෝට්ටු (Paper Money)
ලෝකයේ පළමුවරට මුදල් නෝට්ටු භාවිතා කළේ ද චීනයයි. ඒ ක්‍රි.ව 9 වන සියවසේ සිටයි. එම යුගයට වෙනත් රටවල මෙන් ම චීනයේ ද භාවිතා වූයේ කාසි වන අතර කාසි සෑදිමේ දී අපතේ යන ලෝහ ප්‍රමාණය ඉතාමත් වැඩි වූ හෙයින් ලාභදායී ක්‍රමයක් ලෙස මුදල් නෝට්ටු භාවිතා කිරීමට යොමුවිය. අදටත් භාවිතා කරන මුදල් නෝට්ටු සංකල්පය ඇතිවූයේ එසේයි.
ඉතින් ඔබහට මේ ලිපියෙන් තොරතුරු ගෙන ආවේ චීනයෙන් ලෝකයට ලැබුණු ඉතා වටිනා දේවල් 20ක් පිළිබඳවයි. මේ ලිපිය කියවූ පසු චීනය විසින් ලෝකය වෙනස් කිරීමට සමත් වූ දේවල් රැසක් නිපදවා ඇති බව වැටහෙනවා ඇති. එමෙන් ම චීනය විසින් නිපදවූ ඇතැම් දේවල් බටහිර ජාතීන් විසින් වැඩිදියුණු කළ බව ද ඔබට වැටහෙන්නට ඇති.
Post a Comment