Top News

ලෝකයේ විශාලත ම වේලි

 වේල්ලක් කියන්නෙ ජලය රඳවා ගැනීමට බදින ලද බැම්මක් කියල ඔබ හට පහසුවෙන් කියන්න පුළුවන්. මුල් කාලයේ තාවකාලිකව ඉතා කුඩා ආකාරයෙන් තැනූ වේලි අද වන විට ලීටර 100000 පමන තරම් දරාගැනීමට තරම් ශක්තිමත් හා ඉතා විශාල ලෙස තනවනවා. ඉතින් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්න හිතුවේ වර්තමාන ඉංජිනේරුවන්ගේ විශිෂ්ට දක්ෂතා පිලිබිඹු වන ලෝකයේ විශාලතම හා වැඩිම ප්‍රමාණයක් ජලය රඳවා ගන්නා වේලි 10 පිළිබඳවයි.


10.  ඔරෝවිල් වේල්ල (Oroville Dam)


ඔරෝවිල් වේල්ල කැලිෆෝනියාවේ ඔරොවිල් නගරයට ඊසාන දිශාවෙන් සැතපුම් 5ක් පමණ දුරින් ෆෙදර් නදිය හරස් කොට ඒ හරහා විහිදේ. මෙය එක් වේල්ලක් නොවේ. වේලි 4 කට ආසන්න ප්‍රමාණයක් ෆෙදර් ගංගාව හරහා බැඳ ඇත. ඒ අතරින් විශාලත ම වේල්ල සියෙරා නෙවාඩා කදු පාමුල පිහිටා ඇති අතර එය අඩි 770ක් (මීටර 230) පමන උස වෙයි. තවද මෙය එක්සත් ජනපදයේ උසම වේල්ල වේ. එය කැලිෆෝනියාවේ කැස්ටික් සහ ෂස්ටා වේලි වලින් පසුව තුන්වන විශාලත ම ජල විදුලි බලාගාරය බලගන්වයි.




09. මන්ග්ලා වේල්ල (Mangla Dam)



මන්ග්ලා වේල්ල පකිස්ථානයේ අසාද් කාශ්මීරයේ මිර්පූර් දිස්ත්‍රික්කයේ ජෙලම් ගගේ පිහිටා ඇත. මෙම ව්‍යාපෘතිය ලන්ඩනයේ බිනී සහ හවුල්කරුවන් විසින් සැලසුම් කර අධික්ෂණය කරන ලද වේල්ලක් වන අතර එය ඉදිකරන ලද්දේ දකුණු සැන් ෆ්‍රැන්සිස්කෝ හි ගයි. එෆ්. ඇට්කින්සන් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජනපද ඉදිකිරීම් සමාගම් 8ක එකමුතුවන් වන Mangla Dam Constracors විසිනි. මෙහි උස හා දිග පිළිබඳව නිශ්චිත සඳහනක් නොවේ.


08. ගාඩිනර් වේල්ල (Gardiner Dam)


සස්කැච්චන්හි දකුණු සස්කැච්චන් ගගේ ගාඩිනර් වේල පිහිට ඇති අතර කැනඩාවේ විශාලත ම වේල වෙයි. මෙහි විශාලත ම වේල්ල උසින් මීටර 64 ( අඩි 209) වන අතර, කිලෝමීටර 5 (සැතපුම් 3.1) පමන දිග වෙයි. තව ද මෙහි පදයේ පළල කිලෝමීටර 1.5 හා ඝන මීටර 65000000 ක ජල ප්‍රමාණයක් රඳවා ගනියි.



07. ගූරි වේල්ල (Guri Dam)


මෙය සම්පූර්ණයෙන් ම කොන්ක්‍රීට් මගින් සාදා නිමකරන ලද වේල්ලකි. මෙය වෙනිසියුලාවේ බොලිවර් ප්‍රාන්තයේ කාරෝනි ගඟ හරස් කර තනවන ලද්දකි. මෙහි නිල නාමය Central Hidroeléctrica Simón Bolívar වේ. එමෙන් ම මෙහි   දිග මීටර 7426ක් වන අතර උස මීටර 162 කි. 





06. ෆ්ලෙවොලන්ඩ් වේල්ල (Flevoland)



මෙය මධ්‍යම නෙදර්ලන්තයේ විශාලතම වේල්ල වන අතර මෙය පිහිටා ඇත්තේ සුඩිරීස් ප්‍රාන්තයේ ය. තව ද මෙය 1986 ජනවාරි 1 වන දින පිහිටුවන ලද්දකි. 



05. අටාටර්ක් වේල්ල   ( Ataturk dam)

මෙය මෙනමින් හැදින්වුව ද නිල නාමය වන්නේ කරබාබා වේල්ලයි. මෙය ඇඩියාමත් පළාතේ සහ තුර්කියේ අග්නිදිග කලාපයේ සැන්ලියුර්ෆා පලාතේ මායිමේ යුප්‍රටීස් ගගේ මධ්‍යම හරයක් සහිත කලාපීය පාෂාන පිරවුම් වේල්ලකි. වේල්ල පිටුපා නිර්මාණය කර ඇති ජලාශය ඇටාටර්ක් ජලාශය ලෙස හැදින්වේ.





04. ෆෝට්  පෙක් වේල්ල (Fort Peck Dam)


මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇත. තව ද ම්හි දිග අඩි 21026ක් වන අතර උස ාඩි 250 කට වඩා වැඩි වේ. තව ද මෙය මිනිසා විසින් ඇමෙරිකාව තුළ සෑදූ විශාලතම ජල ප්‍රමාණයක් රඳවා ගන්නා වේල්ල ලෙස සැලකේ.


 



03. සින්ක්‍රඩ් ටේලින්ග්ස් වේල්ල (Syncrude Tailings Dam)



මෙම වේල්ල මිල්ඩ්‍රඩ් ජලාශය හරහා බැඳ ඇත.


02. ටාර්බෙලා වේල්ල (Tarbela Dam)



ටාර්බෙලා වෙල්ල පාකිස්තානයේ ඉන්දු ගංගාව හරහා බැඳ ඇති අතර ලෝකයේ දෙවනුවට විශාලතම වේල්ල ලෙස සැලකේ. මෙහි උස අඩි 485ක් වෙයි. එමෙන් ම මෙම වේල්ල අවම වශයෙන් වර්ග කිලෝමීටර 250ක ජල දාරිතාවයක් රඳවා ගනියි.


01. සින්ක්‍රඩ් ටේල්න්ග්ස් ඩෑම් මිල්ඩ්‍රඩ් ලේක් සෙට්ලින්ග් බේසින් ( Sincrude Tailings Dam Mildred Lake Settling Basin - MLSB)


මෙය එක් වේල්ලක් පමනක් නොවන අතර මෙය මිල්ඩ්‍රඩ් ජලාශය වටා බැඳ ඇති වේලි පද්ධතියකි. මෙම වේලි පද්ධතිය අතරින් විශාලතම වේල්ල මීට පෙර ඉහත දී ලෝකයේ තුන්වන විශාලතම වේල්ල ලෙස හදුන්වා ඇති අතර සම්පූර්ණ වේලි පද්ධතියම ලෝකයේ විශාලතම වේල්ල ලෙස හැදින්වේ. 













Post a Comment

Previous Post Next Post